සමිතියේ පරමාර්ථ

  • බුද්ධ ධර්මයේ ව්‍යාප්තිය සඳහා පහසුකම් සැලසීම.

  • බුද්ධ ධර්මය පිළිපැදීමට අනුබල දීම.

  • බෞද්ධයන් අතර සමගිව සහ සහයෝගය තහවුරු කිරීම.

  • බෞද්ධයින්ගේ ආධ්‍යාත්මික, සංස්කෘතික, ශාරිරක හා සමාජීය අභිවෘද්ධිය සැලසීම

  • බෞද්ධ අයිතිවාසිකම් රැකබලා ගැනීම.

  • ප්‍රදේශයේ බෞද්ධ හා සංස්කෘතික කටයුතු නංවාලීමට ආධාර උපකාර

  • පවත්වාගෙන යාම හා එම කටයුතු සඳහා හැකි සෑම අවස්ථාවකදීම බෞද්ධ තරුණ පිරිස් සහභාගී කරවීම.

සමිතියේ අරමුණු

රැකවරණය අවැසි වැඩිහිටියන් සුරැකුම් මධ්‍යස්ථාන පිහිටුවා පවත්වාගෙන යාම සහ ඔවුන්ගේ සුභ සාධනය සඳහා කටයුතු කිරීම.

දිළිඳු බව අවම කිරීමේ වැඩ සටහන් පවත්වාගෙන යාම.

ආර්ථික දුෂ්කරතා සහිත පුරවැසියන් සඳහා වෛද්‍ය සායන පැවැත්වීම හා ඔවුන්ට අවශ්‍ය වෛද්‍ය පහසුකම් ලබා දීමට සහාය වීම.

යොවුන් පරපුර මත් උවදුරින් මුදා ගැනීමේ වැඩ සටහන් ආරම්භ කර පවත්වාගෙන යාම.

රැකියා විරහිත තරුණ තරුණියන් වෘත්තිය අධ්‍යාපනයට යොමු කිරීමට අවශ්‍ය පුහුණුව ලබාදීමට කටයුතු සංවිධානය කිරීම හා මග පෙන්වීම.

ස්වයං රැකියා ලාභීන් සඳහා අවශ්‍ය උපදේශන සේවා සහ මග පෙන්වීම් ලබා දීම.

තරුණ නායකත්ව පුහුණු වැඩටහන් ක්‍රියාත්මක කිරීම.

ආගමික හා ජාතික සංහිදියාව සඳහා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

කාලීන අවශ්‍යතා මත විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

ආධ්‍යාත්මික සංවර්ධනය සඳහා ආගමික වැඩසටහන් ක්‍රියාත්මක කිරීම.

අවශ්‍ය අවස්ථාවන් හි දී නිතී ආධාර ලබා දීම.

 සමිතියේ පරමාර්ථ ඉටු කර ගැනීම සඳහා අවශ්‍ය වන්නා වූ වෙනත් ක්‍රියා මාර්ග ගැනීම.